AFC Banner
AFC Banner
Empty Ad

දකුණු මුහුදු තීරයෙන් මෙරටට ආ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාලයක් කොටු කරගනියි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය ඔස්සේ මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) වත්තල පොලිස් වසමේ හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ථාන දෙකක දී මෙම වැටලීම් සිදු කළා.

එහි දී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03යි ග්‍රෑම් 492 ක් ත්‍රීරෝද රථයක්, කැබ් රථයක් හා යතුරුපැදියක් මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව හා වත්තල ප්‍රදේශයන් හි පදිංචි වයස අවුරුදු 33 හා 48 අතර වයසේ පසුවන පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන 02 ක් ද සොයාගැනුණු අතර වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සිදු කරනවා.

මෙම මත්ද්‍රව්‍ය තුප්ලහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් හා සෝබනාහංදිගේ ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක් බවටයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?