AFC Banner
AFC Banner
Empty Ad

දකුණේ පාසල් කිහිපයක් වැසේ

ඊයේ (22) රාත්‍රියේ සිට දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දෙණියාය කලාපයේ ඇති පාසල් 77ක් අද (23) දිනයේ වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ඒ, අනුව අකුරැස්ස, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
2
+1
11
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?