AFC Banner
AFC Banner
Empty Ad

දකුණු චීන මුහුදේ ප්‍රශ්නය ද්වේශ සහගතව හුවා දැක්වීම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලයි

දකුණු චීන මුහුදු ප්‍රශ්නය ද්වේශ සහගත ලෙස හුවා දැක්වීම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටිනවා.

පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රශ්නය ප්‍රමාණය ඉක්මවා මවාපෑම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, මේ බව පැවසුවා.

දකුණු චීන මුහුදේ චීනයේ ස්වෛරීභාවය සහ ඒ ආශ්‍රිත අයිතිවාසිකම් දිගුකාලීන ඓතිහාසික ක්‍රියාවලියක් තුළ ගොඩනැගුණු බවත්, ඊට ප්‍රමාණවත් ඓතිහාසික හා නෛතික පදනමක් ඇති බවත්, එය ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර භාවිතයට අනුකූල බවත් ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම අදාළ මුහුදු ප්‍රදේශවල චීන වෙරළාරක්ෂක බලකායේ මුර සංචාර සහ නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණ සහ නීත්‍යානුකූල බවත්, ඒ පිළිබඳව මතභේදාත්මක කිසිවක් නොමැති බවත් ඔහු අවධාරණය ක‍ළ බවයි චීන මාධ්‍ය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?