AFC Banner
AFC Banner
Empty Ad

දකුණු කොරියාවේ රැකියා සදහා ඉතිහාසයේ වැඩිම ඉල්ලුමක්

දකුණු කොරියාවේ රැකියා සදහා ඉතිහාසයේ වැඩිම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් මේ වසරේ ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම ගණන 85 072 ක්.

පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී සිටි අයදුම්කරුවන් ගණන 31378 ක් වන අතර එම ප්‍රමාණය මේ වසර වනවිට දෙගුණය ද ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වසරේ 07 වන කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය පැවැත්වෙන අතර “නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා” විභාගය මාර්තු 13 වන දිනත් “ධීවර ක්ෂේත්‍රයේ රැකියා විභාගය සැප්තැම්බර් 01 දිනත් ආරම්භ වීමට නියමිතයි.

විභාගය පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සදහා 2023.02.13 දින සිට 2023.02 23 (ඊයේ) දිනය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීමට කාලය ලබා දී තිබුණා.

කොරියානු භාෂා පරික්ෂණ විභාගය සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk මගින් ලබාගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?