දකුණු කොරියානු රැකියා ගැන දැනුම්දීමක්

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එම කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති බවයි.

අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමුකරන බව ද ඔහු සඳහන් කළා.

දැනට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර, මේ මස 10 වන දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇතැයි වාර්තා වනවා.

මෙම රැකියා සම්බන්ධයෙන් විවිධ සමාජමාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙසයි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ.

මෙම රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීම සුදුසුකම් මත පමණක් විනිවිදභාවයෙන් සිදු කරන බව ද කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

කිසිදු අතරමැදියෙකුට මුදල් දීමෙන් වළකින ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර බඳවාගැනීම් හා සියලු තොරතුරු ඉදිරියේ දී ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53