AFC Banner
Empty Ad
Empty Ad

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වෙයි

දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයෙකු වන කේ වී ආනන්ද් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 54 හැවිරිදි වියේ පසුවූවා.

ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර කාප්පාන්,අයන්,මාට්‍රන්,කෝ,කවන්,අනේගන්, ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතරද වඩාත් ජනප්‍රිය වූ අතර එම බොහෝ නිර්මාණ හිරු ටී වී ඔස්සේ ද රසික ජනතාවට සමීප කෙරුණා.

චෙන්නායි හි ඔහුගේ නිවසේ සිටියදී අද අළුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් රෝගී තත්වය හමුවේ සිය රථය පදවාගෙන රෝහලට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු සිනමාවට පිවිසීමට පෙර වසර 4කට වැඩි කලක් නිදහස් ඡායාරූප මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍යකරණයේ ද නිරතවී තිබෙනවා.

ඉන්දීය සුපිරි විකට නළුවෙකු වන විවේක් අභාවප්‍රාප්ත වී සති දෙකක් පමණ කාලයක් ඇතුළත සිදුවූ මෙම මරණය දකුණු ඉන්දීය සිනමා ලෝලීන් කම්පනයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?