spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු ආසියාව ලොව වැඩිම ළමා මනාලියන් සිටින කලාපයයි

දකුණු ආසියාව ලොව වැඩිම ළමා මනාලියන් සිටින කලාපය බව අද ජගත් සංවිධානය එලි දැක්වූ අලුත්ම වර්තාවක සඳහන් වී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෑතකදී ලොව මුහුණ පෑ කොවිඩ් 19 උවදුර හේතුවෙන් මෙම කලාපය අයත් රටවල වැසියන් මුහුණ දුන් මුල්‍ය අගහිඟතවන් මත ළමා අවදියේදීම ගැහැණු ළමුන් විවාහ කරදීමට වැඩිහිටියන්ට සිදුවූ බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊට අමතරව පාසැල් වැසීයාමද ළමා අවදියේදීම ගැහැනු ළමුන් විවාහ කරදීමට තුඩුදුන් තවත් ප්‍රධාන සාධකයක් වී තිබෙන බවත් සදහන්.

වත්මන් දකුණු ආසියානු කලාපය තුල ළමා මනාලියන් මිලියන 290 ක් සිටින අතර එය ලොවෙහි සිටින සමස්ත ළමා මනාලියන් සංඛ්‍යාවෙන් එය 45%ක ප්‍රතිශතයක් වනවා.

කොවිඩ් උවදුර සමයේදී දිගු කලක් පාසැල් වැසී යාම නිසා ගැහැනු දරුවන් වෙනුවෙන් කල හැකිව තිබු සුදුසුම දෙය වී තිබුනේ ඔවුන් විවාහ කරදීම බව නේපාල,බංග්ලාදේශ සහ ඉන්දීය දෙමාපියන් යුනිසෙෆ් සංවිධානයට පවසා තිබූ බවටත් වැඩි දුරට සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?