දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 76ක පරාජයක්

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් තුනකොන් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (09) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති මෙම එක්දින තරග ලකුණු 76 කින් ජයගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළා.

එක අවස්ථාවක ලකුණු 85ක් තුළ කඩුලු 05ක් දැවී තිබූ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 300 සීමාවට රැගෙන යාමට ඇනරි ඩර්ක්සන් සහ ක්ලෝයි ට්‍රයෝන්ට හැකියාව ලැබුනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්නියන් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්.

එහිදී ඇනරි ඩර්ක්සන් ලකුණු 104ක් රැස්කළ අතර, ක්ලෝයි ට්‍රයෝන්ට ලකුණු 74ක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට එක් කළා.
ඊට අමතරව නඩින් ද ක්ලර්ක් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32ක්.

පන්දු යැවීමේ දී දෙව්මි විහංගා දකුණු අප්‍රිකානු කඩුලු 05ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 316ක් හඹා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියට පිවිසි අතර, ඔවුන්ට පන්දුවාර 42යි පන්දු 05ක් තුළා සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 239ක් පමණයි.

ක්ලෝයි ට්‍රයෝන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට වැඩි දායකතවයක් පන්දුවෙන් ලබා දුන්නා.

ඒ අනුව මෙම තරගය ලකුණු 76 කින් ජයගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වුණා.

කෙසේ වෙතත් මෙම තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව සුදුකම් ලබා සිටින අතර, අවසන් තරගය ලබන ඉරිදා (11) පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?