දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 76ක පරාජයක්

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් තුනකොන් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (09) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති මෙම එක්දින තරග ලකුණු 76 කින් ජයගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළා.

එක අවස්ථාවක ලකුණු 85ක් තුළ කඩුලු 05ක් දැවී තිබූ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 300 සීමාවට රැගෙන යාමට ඇනරි ඩර්ක්සන් සහ ක්ලෝයි ට්‍රයෝන්ට හැකියාව ලැබුනේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්නියන් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්.

එහිදී ඇනරි ඩර්ක්සන් ලකුණු 104ක් රැස්කළ අතර, ක්ලෝයි ට්‍රයෝන්ට ලකුණු 74ක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට එක් කළා.
ඊට අමතරව නඩින් ද ක්ලර්ක් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32ක්.

පන්දු යැවීමේ දී දෙව්මි විහංගා දකුණු අප්‍රිකානු කඩුලු 05ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 316ක් හඹා යාමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියට පිවිසි අතර, ඔවුන්ට පන්දුවාර 42යි පන්දු 05ක් තුළා සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 239ක් පමණයි.

ක්ලෝයි ට්‍රයෝන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 05ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයට වැඩි දායකතවයක් පන්දුවෙන් ලබා දුන්නා.

ඒ අනුව මෙම තරගය ලකුණු 76 කින් ජයගන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වුණා.

කෙසේ වෙතත් මෙම තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව සුදුකම් ලබා සිටින අතර, අවසන් තරගය ලබන ඉරිදා (11) පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43