දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්ත්වයන් හමුවේ අපි ක්‍රීඩා කළේ – නායක ධනංජය ද සිල්වා

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ දී හැර ඉතිරි තරග ඉනිම්වල දී සිය කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයි හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කින් පරාජයට පත් වුණා.

තරගාවලිය ම ටෙස්ට් තරග 2 – 0ක් ලෙස පැරදුණු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නායක ධනංජය ද සිල්වා පැවසුවේ; දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්ත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත්, තවමත් අපට ලෝක ටෙස්ට් ශූරතාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවයි.

ඒ සඳහා ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත, ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රෙලියා තරගාවලිය පිළිබඳ තමන් දැඩි බලාපොරොත්තු තබාගෙන ඇති බව ද හෙතෙම පැවසුවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන 08.22 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34