දකුණු අප්‍රිකාවට කිවියන්ගෙන් ජයග්‍රහණයට දැවැන්ත ලකුණු පුවරුවක්

චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාවට, නවසීලන්ත කණ්ඩායමෙන් ලකුණු 363ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.

ඒ අද (05) ලාහෝර් හි දී පස්වරුවේ ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේදියි.

කාසියේ වාසිය දිනාගනිමින් පළමු ව පන්දුවට පහරදීමට නවසීලන්තය තීරණය කළා.

සිය නායකයාගේ තීරණයට සර්ව සාධාරණය පිතිකරණයෙන් ඉටු කරමින් කිවි ආරම්භක පිතිකරුවන් ලකුණු වැස්සක් ගෙනදීමට සමත් වූයේ ශතක දෙකක් ද ලකුණු පුවරුවට එක් කරගනිමින්.

රචින් රවීන්ද්‍රා සහ කේන් විලියම්සන් අතරේ ලකුණු 164ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුණු අතර රවීන්ද්‍රා ලකුණු 108ක් සහ විලියම්සන් ලකුණු 102ක් ලබා ගත්තා.

ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 49ක් සහ ඩැරිල් මිචෙල් ද ලකුණු 49ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ලුන්ගි නිගිඩි කඩුලු 03ක්, රබඩාට කඩුලු 02ක් සහ මල්ඩර්ට එක් කඩුල්ලක් හිමිවුණා.

අද තරගය ජය ගන්නා කණ්ඩායම එළඹෙන 09 වැනිදා ඉන්දියාවට එරෙහිව 2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30