දකුණු අප්‍රිකාවට කිවියන්ගෙන් ජයග්‍රහණයට දැවැන්ත ලකුණු පුවරුවක්

චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාවට, නවසීලන්ත කණ්ඩායමෙන් ලකුණු 363ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.

ඒ අද (05) ලාහෝර් හි දී පස්වරුවේ ආරම්භ වූ මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේදියි.

කාසියේ වාසිය දිනාගනිමින් පළමු ව පන්දුවට පහරදීමට නවසීලන්තය තීරණය කළා.

සිය නායකයාගේ තීරණයට සර්ව සාධාරණය පිතිකරණයෙන් ඉටු කරමින් කිවි ආරම්භක පිතිකරුවන් ලකුණු වැස්සක් ගෙනදීමට සමත් වූයේ ශතක දෙකක් ද ලකුණු පුවරුවට එක් කරගනිමින්.

රචින් රවීන්ද්‍රා සහ කේන් විලියම්සන් අතරේ ලකුණු 164ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුණු අතර රවීන්ද්‍රා ලකුණු 108ක් සහ විලියම්සන් ලකුණු 102ක් ලබා ගත්තා.

ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 49ක් සහ ඩැරිල් මිචෙල් ද ලකුණු 49ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී ලුන්ගි නිගිඩි කඩුලු 03ක්, රබඩාට කඩුලු 02ක් සහ මල්ඩර්ට එක් කඩුල්ලක් හිමිවුණා.

අද තරගය ජය ගන්නා කණ්ඩායම එළඹෙන 09 වැනිදා ඉන්දියාවට එරෙහිව 2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?