AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 136ක ඉලක්කයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය මේ වන විට ඇන්ටිගුවා හිදී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

ඒ, අනුව තීරණාත්මක මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 136ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.

කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ තබ්‍රයිස් ෂම්සි ලකුණු 27කට කඩුලු 03ක් බිඳ දැමුවා.

කොදෙව් ඉනිම වෙනුවෙන් රොස්ටන් චේස් 52ක් සහ ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් ලකුණු 35ක් රැස්කළා.

මේ අතර මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?