දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 136ක ඉලක්කයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය මේ වන විට ඇන්ටිගුවා හිදී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 135ක් රැස් කළා.

ඒ, අනුව තීරණාත්මක මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 136ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමිව තිබෙනවා.

කොදෙව් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ තබ්‍රයිස් ෂම්සි ලකුණු 27කට කඩුලු 03ක් බිඳ දැමුවා.

කොදෙව් ඉනිම වෙනුවෙන් රොස්ටන් චේස් 52ක් සහ ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් ලකුණු 35ක් රැස්කළා.

මේ අතර මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53