සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය කරන මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ඊයේ (11)ආරම්භ කළා.
ලා නිල් පැහැති අදාළ මෝටර් රථයේ ගමන් ගන්නා තරුණයින් 4 දෙනෙකු එහි වීදුරු පහත් කොට ශරීරය රථයෙන් පිටතට සිටින සේ වාඩිවී අනාරක්ෂිතව ගමන් කරන අකාරයයි, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප හා වීඩියෝවල දැක්වෙන්නේ.
සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථය ලියාපදිංචි අයිතිකරු මහනවුර පේරාදෙණිය පදිංචි පුද්ගලයෙකු බවයි.
මෙම පුද්ගලයා විසින් මෙම මෝටර් රථය අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණා ඇති බවයි, මෙම පුද්ගලයාගෙන් පොලිසිය සිදුකළ විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
මෙම පුද්ගලයන්ව අද දින පොලිසිය වෙත ගේනවා ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම පිරිසට විරුද්දව නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.














