AFC Banner
Empty Ad
Empty Ad

තොණ්ඩුව කැමරාකර ‘මිතුරන්ට යවා’ ජීවිතයෙන් සමුගත් කවිකාර සිසුවා

ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තාක්‍ෂණ විෂයෙන් පෙනී සිටීමට සූදානම්ව අධ්‍යාපනය ලැබූ පාසල් සිසුවකු සිය නිවසේ මුළුතැන්ගෙයි උළුවස්සේ ගැට ගැසූ කඹයක එල්ලී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පහළ බෝමිරියේ පදිංචි පාසල් සිසුවකුයි.

මියගිය අය මෙසේ ගෙල වැලලා ගැනීමට පෙර ගෙල වැලලාගත් තොණ්ඩුවේ ඡායාරූප සහ වීඩියෝ මිතුරු මිතුරියන්ගේ ජංගම දුරකථන වෙත යවා තිබෙනවා.

එම ඡායාරූපයක් මිතුරකුගේ ජංගම දුරකථනයට ලැබීමෙන් පසු එම මිතුරා ඒ බව වහාම මියගිය අයගේ මවට දැන්වීමෙන් පසු එම අවස්ථාවේ නිවසින් බැහැරව සිටි ඇය මියගිය අයගේ ලොකු අම්මාට ඒ බව දන්වා තිබුණා.

ඇය නිවසට යනවිටත් ඔහුගේ නිසල දේහය උළුවස්සේ එල්ලෙමින් තිබූ බව පවුලේ ඥාතීහු පවසනවා.

දක්‍ෂ සිසුවකු මෙන් හොඳ කවියකුද වන බව පැවසෙන ඔහු මියයන්න මොහොතකට පෙර ලියූ නිසැදැස් කවි පෙළක් මිතුරන්ගේ ජංගම දුරකථන වෙත යවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?