තොටිල්ලක තිබී 13 හැවිරිදි දැරියකගේ නිසළ සිරුර සොයාගැනේ

බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක ගෙල සිරවී මියගොස් සිටි 13 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසනවා.

දැරියගේ ඥාතීන් පවසා සිටියේ දැරියගේ නිවසට පැමිණි ඥාති දරුවෙක් සඳහා සකසන ලද තොටිල්ලක සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස මෙම දැරිය ගිල සිරවී මියගොස් ඇති බවයි.

දැරිය තොටිල්ලේ එල්ලී සිටියදී දුටු දැරියගේ සහෝදරයා අසල්වැසියන්ට දැනුම් දී ඇති අතර, ඔවුන් දැරිය මුදාගෙන ඇයව බොගවන්තලාව දිස්ත්‍රික් රෝහලට ගෙන ගිය බව පැවසුවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ දැරිය රෝහලට ගෙන එන අවස්ථාවේදී මියගොස් සිටි බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බොගවන්තලාව දෙමළ විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මධුමාදන් ජෙන්සියා නම් 13 හැවිරිදි දැරියක්.

මේ අතර ඇය තොටිල්ලේ එල්ලී සියදිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

හැටන් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් පුබුදු චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය හැටන් ක්ලැන්ටන් මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බොගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?