තොටිල්ලක තිබී 13 හැවිරිදි දැරියකගේ නිසළ සිරුර සොයාගැනේ

බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක ගෙල සිරවී මියගොස් සිටි 13 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසනවා.

දැරියගේ ඥාතීන් පවසා සිටියේ දැරියගේ නිවසට පැමිණි ඥාති දරුවෙක් සඳහා සකසන ලද තොටිල්ලක සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස මෙම දැරිය ගිල සිරවී මියගොස් ඇති බවයි.

දැරිය තොටිල්ලේ එල්ලී සිටියදී දුටු දැරියගේ සහෝදරයා අසල්වැසියන්ට දැනුම් දී ඇති අතර, ඔවුන් දැරිය මුදාගෙන ඇයව බොගවන්තලාව දිස්ත්‍රික් රෝහලට ගෙන ගිය බව පැවසුවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ දැරිය රෝහලට ගෙන එන අවස්ථාවේදී මියගොස් සිටි බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බොගවන්තලාව දෙමළ විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මධුමාදන් ජෙන්සියා නම් 13 හැවිරිදි දැරියක්.

මේ අතර ඇය තොටිල්ලේ එල්ලී සියදිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

හැටන් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් පුබුදු චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය හැටන් ක්ලැන්ටන් මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බොගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාව සහ කලාකරුවන් නැංවීම සඳහා ලොකු වැඩසටහනක්
04:19
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:25
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත්ව හමුවෙයි
03:05
Video thumbnail
විශ්‍රාම වයස වැඩිකිරීමෙන් කොහොමද ඉක්මණට නඩු ඉවර වෙන්නේ..?
03:17
Video thumbnail
රාජපක්ෂ කෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසට ගිය මාලිමා මන්ත්‍රීවරු
07:14
Video thumbnail
තායිලන්තයට යනවා නම් පරිස්සම් වෙන්න - රේගුවෙන් විශේෂ හෙළිදරව්වක්
08:13
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
07:08
Video thumbnail
රැවුල වවාගෙන සංඝ සමුළුවට ආපු හිමිගේ භික්ෂු හැඳුනුම්පත හෙළිකරයි
05:17
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ - සජිත් මිනිස්සුන්ට කියයි
01:35
Video thumbnail
ලංකාවට ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි
02:41