තෛපොංගල් වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

තෛපොංගල් උත්සවයත් සමඟ එළඹෙන දීර්ඝ සති අන්තය සඳහා ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව පිටකොටුව බැස්ටියන් මාවත බස් පර්යන්තයෙන් අද (14) දිනයේ සිට මෙම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ප්‍රකාශිකාවක් ‘දසත නිව්ස්’ සමඟ පැවසුවේ.

ඒ අනුව හැටන්, නුවරඑළිය, බදුල්ල සහ යාපනය වැනි ප්‍රදේශවලට අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව සඳහන් කළ ඇය, පවතින කාලසටහන්වලට පරිබාහිරව මෙම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද තෛපොංගල් උත්සවය සඳහා ගම්බිම් වෙත යන ජනතාව උදෙසා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති අතර, බැස්ටියන් මාවත දුර ගමන් බස් පර්යන්තය සහ අනෙකුත් ප්‍රධාන නගරවල සිට විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?