AFC Banner
Empty Ad
Empty Ad

තේ වගාව සඳහා පොහොර හුවමාරු ක්‍රමයට

තේ දලු කිලෝ 100ට පොහොර කිලෝ 40ක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන සහනදායී ක්‍රමවේදයකට අනුව තේ වගාව සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙස තේ ගොවීන්ගෙන් දිගින් දිගට ම ඉදිරිපත් වූ ඉල්ලීම් නිසා රජය එම තීරණයට එළඹුණු බව ඇමතිවරයා සඳහන් කළේ.

පොහොර වෙළෙඳුන් ගොවීන්ට දරාගත නොහැකි මිලකට පොහොර අලෙවි කිරීම නිසා තේ ගොවීන් විශාල අර්බුදයකට මුහුණ පා ඇති බව ද දන්වා ඇතැයි ඇමැති රමේෂ් පතිරණ පැවසීය. රජය එම තීරණය ගැනීමෙන් පසු දැනටමත් තේ ගොවීන් සඳහා සහනදායි මිලකට පොහොර ලබා දීමට කටයුතු කර ඇති බවයි ඇමතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?