තෙවැනි විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පන්දුවාර 20 තරගාවලියේ 04 වන තරගය අද මෙල්බන් හිදී පැවැත්වෙනවා.මෙල්බන් වේලාවෙන් රාත්‍රී 07 : 10 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් 01 : 40 ට එය ආරම්භ වනු ඇති.

කෙසේවෙතත් 03 – 00 ක් ලෙස ඔස්ටේ්‍රලියා කණ්ඩායම දැනටමත් තරගාවලිය ජයගෙන අවසන්.

මේ අතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් හා නුවන් තුෂාරට ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන අවසාන විස්සයි විස්ස තරග දෙක අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ පුහුණු සැසියක් අතරතුර රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බවයි.

ඔස්ටේ්‍රලියාව සමග පැවති තුන්වන විස්සයි විස්ස තරගය අතරතුර පන්දු යවමින් සිටියදී නුවන් තුෂාර ආබාධයකට ලක්වු අතර ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මේ අතර ප්‍රබල ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් වන මිචෙල් ස්ටාර්ක් / ජෝෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 04 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව ඔස්ටේ්‍රලියානු නායක ඒරන් ෆින්ච් පවසනවා.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ඔස්ටේ්‍රලියා – පකිස්ථාන ටෙස්ට් හා එක්දින තරග මාලාව ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රීඩකයන් තුන් දෙනාට විවේකයක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?