තෙවැනි විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පන්දුවාර 20 තරගාවලියේ 04 වන තරගය අද මෙල්බන් හිදී පැවැත්වෙනවා.මෙල්බන් වේලාවෙන් රාත්‍රී 07 : 10 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් 01 : 40 ට එය ආරම්භ වනු ඇති.

කෙසේවෙතත් 03 – 00 ක් ලෙස ඔස්ටේ්‍රලියා කණ්ඩායම දැනටමත් තරගාවලිය ජයගෙන අවසන්.

මේ අතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් හා නුවන් තුෂාරට ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන අවසාන විස්සයි විස්ස තරග දෙක අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ පුහුණු සැසියක් අතරතුර රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බවයි.

ඔස්ටේ්‍රලියාව සමග පැවති තුන්වන විස්සයි විස්ස තරගය අතරතුර පන්දු යවමින් සිටියදී නුවන් තුෂාර ආබාධයකට ලක්වු අතර ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මේ අතර ප්‍රබල ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් වන මිචෙල් ස්ටාර්ක් / ජෝෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් අද ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 04 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව ඔස්ටේ්‍රලියානු නායක ඒරන් ෆින්ච් පවසනවා.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ඔස්ටේ්‍රලියා – පකිස්ථාන ටෙස්ට් හා එක්දින තරග මාලාව ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රීඩකයන් තුන් දෙනාට විවේකයක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25