තෙල් සැපයුම් සුරක්ෂිත කර ගැනීමට කොරියාව මැදපෙරදිගට විශේෂ නියෝජිතයින් යවන්න සූදානමින්

බොරතෙල් සැපයුම් සුරක්ෂිත කර ගැනීම සඳහා දකුණු කොරියානු රජය සෞදි අරාබිය, ඕමානය සහ ඇල්ජීරියාව වෙත විශේෂ නියෝජිතයින් යැවීමට සැලසුම් කරමින් සිටින බව දේශීය මාධ්‍ය වාර්තා කරනවා.

බලශක්ති සැපයුම් ශක්තිමත් කිරීම සඳහා රජය දරන උත්සාහයන්ට කොරියානු ධජය සහිත යාත්‍රා පහක් සෞදි අරාබියට යැවීමේ සැලසුම් ද ඇතුළත් බව පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීති සම්පාදකයෙකු වන අහ්න් ඩෝ-ජොල් පවසනවා

ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය වන දකුණු කොරියාව, එහි බලශක්ති අවශ්‍යතා සියල්ලම පාහේ ආනයනය කරන අතර, එහි බොරතෙල්වලින් සියයට 70ක් පමණ මැදපෙරදිගින් ලබා ගන්නවා.

මේ අතර තෙල් සැපයුම් හිඟය පියවා ගැනීම සඳහා රට තුළ ඇති උපායමාර්ගික තෙල් සංචිත පෞද්ගලික පිරිපහදුකරුවන්ට මුදාහැරීමේ පියවර පිළිබඳව ද දකුණු කොරියානු රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !