Empty Ad
AFC Banner
Empty Ad

තෙල් මිලෙහි වෙනසක් – රජයේ තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඒ අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඉන්ධන මිල සංශෝදනය කළ යුතු බවට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබිය දීත් මාස 21ක් පුරා මෙරට ඉන්ධන මිල සංශෝදනය නොකර සිටීමට රජය කටයුතු කළ බවයි.

එහෙත් රජයට මේවන විට එම දැවැන්ත පාඩුව දරාගැනීමට නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

එම නිසා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළා.

මිල ඉහළ දැමීම කොපමණ ප්‍රමාණයන්ගෙන් සිදු කරන්නේ ද යන්න පිළිබඳව මේ දිනවල තීරණය කරමින් පවතින බවත්, ඩීසල් මිලෙහි වැඩි වීම හැකි තාක් අවම කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉන්ධන මිල ඉහළ දමන දිනය නිෂ්චිතව තමන්ට පැවසිය නොහැති බවත් තෙල් මිල වැඩි කිරීම සාමාන්‍යයෙන් කලින් කියා සිදු කරන්නක් නොවන බවත් ඔහු පැවසුවා.

“ඒක ඉතින් තාම දිනය කියන්න බෑ. මොකද, සාමාන්‍යයෙන් තෙල් මිල වැඩි කිරීම කලින් කියලා කරන්නෙ නෑ. කොවිඩ් වසංගතය නිසා කොහොමටත් කරන්න බෑ. මොකද, මේ වෙලාවේ පෝලිම් හැදුනොත් කියයි ‘ගම්මන්පිල පොකුර’ කියලා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18

?