තෙල් මිලෙහි වෙනසක් – රජයේ තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

ඒ අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඉන්ධන මිල සංශෝදනය කළ යුතු බවට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබිය දීත් මාස 21ක් පුරා මෙරට ඉන්ධන මිල සංශෝදනය නොකර සිටීමට රජය කටයුතු කළ බවයි.

එහෙත් රජයට මේවන විට එම දැවැන්ත පාඩුව දරාගැනීමට නොහැකි බව ඔහු පෙන්වා දෙනවා.

එම නිසා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව අමාත්‍ය ගම්මන්පිල සඳහන් කළා.

මිල ඉහළ දැමීම කොපමණ ප්‍රමාණයන්ගෙන් සිදු කරන්නේ ද යන්න පිළිබඳව මේ දිනවල තීරණය කරමින් පවතින බවත්, ඩීසල් මිලෙහි වැඩි වීම හැකි තාක් අවම කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉන්ධන මිල ඉහළ දමන දිනය නිෂ්චිතව තමන්ට පැවසිය නොහැති බවත් තෙල් මිල වැඩි කිරීම සාමාන්‍යයෙන් කලින් කියා සිදු කරන්නක් නොවන බවත් ඔහු පැවසුවා.

“ඒක ඉතින් තාම දිනය කියන්න බෑ. මොකද, සාමාන්‍යයෙන් තෙල් මිල වැඩි කිරීම කලින් කියලා කරන්නෙ නෑ. කොවිඩ් වසංගතය නිසා කොහොමටත් කරන්න බෑ. මොකද, මේ වෙලාවේ පෝලිම් හැදුනොත් කියයි ‘ගම්මන්පිල පොකුර’ කියලා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55