AFC Banner
Empty Ad

තෙල් මිලෙහි යලි වෙනසක්…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ වසර දෙකක කාලයකට පසු චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.92ක අගයක් ගත් අතර අමෙරිකාවේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.38ක අගයක් ගනු ලැබීය.

කෙසේවෙතත් විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල ගණන් සැළකිය යුතු ආකාරයකින් පහළ බසිනු ඇති බවය.එමෙන්ම මෙම මිල ගණන් අඩුවීම හේතුවෙන් බොරතෙල් වෙළඳපොළෙහි යම් පාඩුවක් සිදුවනු ඇති බව ද විදෙස් වාර්තා සදහන් කළේය.

වෙළෙඳපොළ දෙකේම කොන්ත්‍රාත්කරුවන්ට සහ වෙළදපොළ දෙකට ඊයේ දිනයේදී පමණක් සිදුවූ පාඩුව 7% කට ආසන්න බව විදෙස් වාර්තා පෙන්වාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?