spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් පෝලිමක තවත් අයෙක් මිය යයි..

දර්ගා නගරයේ අයිඕසී ඉන්ධන හලේ 28 දින රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධන හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.

අනතුර සිදු කළ බව කියන සැකකාර රියදුරා ද දර්ගා නගරයේ ඉන්ධන පෝලිමේ සිට රාත්‍රී ආහාර ගැනීමට අලුත්ගම නගරයට ගොස් නැවත ධර්ගා නගරය දෙසට පැමිණීමේදී පාර මාරු වූ පුද්ගලයා මෙම ටිපර් රථයෙගැටී මියගොස් ඇති බව පරීක්ෂණ සිදුකරන අලුත්ගම පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දර්ගානගරය, පුවක් වත්ත ,අලවතුගොඩ අංක187/3 ලිපිනයේ පදිංචිව සිටි සිංගප්පුලිගේ ආනන්ද(58) නැමැති විවාහකයෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා වෙනත් අයෙකුට අයිති ලොරි රථයකට ඩීසල් ලබාගැනීම වෙනුවෙන් එදින රාත්‍රියේ එම ලොරියක් සමඟ ඉන්ධනහල් පෝලිමේ ගත කරමින් සිටියදී අලුත්ගම වැලිපැන්න දක්ශින අධිවේගී ප්‍රවේශ මාර්ගය හරහා දර්ගා නගරයේ ඉන්ධන හල ඉදිරිපිටින් පාර මාරු වීමට යාමේදී සිදුවූ අනතුරෙන් මියගොස් තිබෙන බව පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය අලුත්ගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යාමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?