තෙමහල් වෙළෙඳසැලක හදිසි ගින්නක් (වීඩියෝ)

කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (23) රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් වෙළෙඳසැල සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ හා ගම්පහ ගිනි නිවීමේ රථ පැමිණ සිටිනවා.

ගින්න මේ වන විට පාලනය කරමින් පවතින අතර කඩවත සහ ඇල්දෙණිය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පැමිණ එම ස්ථානයේ ආරක්ෂාව ද තර කර ඇති බවයි පැවසෙන්නේ.

ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හැකි තාක් කඩවත නගර‍යට පැමිණෙන රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?