තුසිත හල්ලොලුව ජුනි 06 තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළව අද (04) හල්ලොලුව මහතා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළ බවයි.

නඩුව කැදවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී සිටි කොටුව පොලීසියේ නිලධාරීන් මෙම සිද්ධියට අදාළ ව සාවද්‍ය පරිහරණයට ලක් කළ දේපොළ පොදු දේපළ බවත්, එබැවින් පොදු දේපළ පනත යටතට වැටෙන වැරදි සම්බන්ධයෙන් එම පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.

ඒ අනුව එම වාර්තා සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ, තවදුරටත් ජුනි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?