රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළා.
අද (25) දහවල් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේදියි නියෝගය නිකුත් කෙරුණේ.
ඒ අනුව සැකකාර තුෂාර උපුල්දෙණිය ව ජුලි මස 09 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.
ජනාධිපති සමාවට මුවාවෙමින් අනීතිකව රැඳවියෙකුව නිදහස් කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් ව සිටින සැකකාර උපුල්දෙණියට චෝදනා එල්ල වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.















