තුවාල ලැබූ වන අලියෙකුට ප්‍රතිකාර (ඡායාරූප)

ඉදිරි පාදයේ විශාල තුවාලයක් සහිතව කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සැරිසරන වන අලියකු නිර්වින්දනය කර ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් අද (26) කටයුතු කළා.

ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් පලාගල කුරුප්පුවැව ඉස්මත්ත ප්‍රදේශයේදී යි එම අලියාට ප්‍රතිකාර කරනු ලැබුවේ.

මෙලෙස ප්‍රතිකාර කරනු ලැබූ වන අලියා වයස අවුරුදු 40ක් පමණ වන අතර උස අඩි 09ක් පමණ වන බව සඳහන්.

නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරුන් ඇතුලු එම ඒකකයේ නිලධාරීන් පිරිසක් අලියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක්ද එම කටයුතු සඳහා සහාය දැක්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පැවැති තත්ත්වය අනුව ප්‍රතිකාර සඳහා අලියා නිර්වින්දනය කිරීමට අවශ්‍ය බව වනජීවී පශු වෛද්‍යවරයා තීරණය කිරීම හේතුවෙන් වන අලියා නිර්වින්දනය කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.

ඒ සඳහා වනජිවි නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරිමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

එලෙස වන අලියා නිර්වින්දනය කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර කටයුතු ආරම්භ වූ අතර මෙම අලියාගේ ඉදිරි පාදයක පහළ කොටසේ විශාල තුවාලයක් හටගෙන ඇති බව සඳහන්.

කාලයකට පෙර සිදුව ඇති වෙඩි වැදීමකින් එම තුවාලය හටගන්නට ඇති බවටයි වන ජීවී නිලධාරින් සැක කරන්නේ.

එම තුවාලය පිරිසිදු කර බෙහෙත් ගල්වා අවශ්‍ය වෙනත් ප්‍රතිජීවක ඖෂධ වර්ගද ලබා දීමෙන් අනතුරුව එම අලියා යළිත් සිහි ගැන් වීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.

පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබමින් සිටින එම වනඅලියා මේ වනවිට කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සැරිසරමින් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පසු වනවා.

WhatsApp Image 2023 05 26 at 14.09.43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27