AFC Banner
Empty Ad
Empty Ad

තුවක්කුව පත්තු වී බැංකු ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට

රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වී රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලිකන්ද නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියෙක් ඊයේ (08) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තම සේවා මුරය අවසන් කිරීම සඳහා එම නිලධාරියා භාරයේ තිබූ රිපිටර් වර්ගයේ ගිනි අවියේ යොදා තිබූ උණ්ඩ ඉවත් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

එහිදී ඔහු විසින් උණ්ඩ හතරක් ඉවත්කර ඇති අතර, එක් උණ්ඩයක් ගිනි අවිය තුළ සිර වී තිබෙනවා.

එලෙස සිර වී තිබූ උණ්ඩය ඉවත් කිරීමට සදහා මෙම නිලධාරියා ගිනි අවිය පොළොවේ ගසා ඇති අතර, එම අවස්ථාවේ දී අවිය ක්‍රියාත්මක වී ඔහුට වෙඩි වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ආරක්ෂක නිලධාරියාගේ පපු ප්‍රදේශයට වෙඩි වැඩි ඇති අතර,ඔහු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි වර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද, සුසිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?