තුවක්කුව පත්තු වී බැංකු ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට

රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වී රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලිකන්ද නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියෙක් ඊයේ (08) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තම සේවා මුරය අවසන් කිරීම සඳහා එම නිලධාරියා භාරයේ තිබූ රිපිටර් වර්ගයේ ගිනි අවියේ යොදා තිබූ උණ්ඩ ඉවත් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

එහිදී ඔහු විසින් උණ්ඩ හතරක් ඉවත්කර ඇති අතර, එක් උණ්ඩයක් ගිනි අවිය තුළ සිර වී තිබෙනවා.

එලෙස සිර වී තිබූ උණ්ඩය ඉවත් කිරීමට සදහා මෙම නිලධාරියා ගිනි අවිය පොළොවේ ගසා ඇති අතර, එම අවස්ථාවේ දී අවිය ක්‍රියාත්මක වී ඔහුට වෙඩි වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ආරක්ෂක නිලධාරියාගේ පපු ප්‍රදේශයට වෙඩි වැඩි ඇති අතර,ඔහු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි වර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද, සුසිරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52