තුර්කියේ සහන මෙහෙයුම්වලට ශ්‍රී ලංකා හමුදා යවන්න සාකච්ඡා

පුද්ගලයන් 45,000 කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමිකරමින් තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූමිකම්පාවෙන් අවතැන් වූ පිරිස් සඳහා ආධාර සැපයීමට ශ්‍රී ලංකා හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සාකච්ඡාවට ආරක්‍ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියා.

තුර්කියට සහ සිරියාවට බලපෑ මෙම භූමිකම්පාවෙන් තුර්කිය තුළ 39,672ක් සහ සිරියාව තුළ 5,800 මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් රටවල් රැසක සහන සේවා කණ්ඩායම් තුර්කිය තුළ සහන සේවා සැපයීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?