තුර්කියේ එකඟත්වයෙන් ස්වීඩනය නේටෝ සංවිධානයට

නේටෝ සංවිධානයට සම්බන්ධ වීමේ ස්වීඩනයේ උත්සාහයට සහාය දැක්වීමට තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් එකඟ වී තිබෙනවා.

ඒ අනුව ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, ස්වීඩන් අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් මේ සම්බන්ධයන් අදහස් දක්වමින් පැවසුවේ “මම ඉතා සතුටු වෙනවා, එය ස්වීඩනයට හොඳ දවසක්” යනුවෙන්.

ත්‍රස්තවාදීන් ලෙස සැලකෙන අන්කාරා කුර්දි ක්‍රියාකාරීන්ට රැකවරණය ලබා දෙන බවට චෝදනා කරමින් තුර්කිය නේටෝ සංවිධානයට සම්බන්ධ වීමේ ස්වීඩනයේ ඉල්ලුම්පත්‍රය රඳවා ගැනීමට මීට පෙර කටයුතු කර තිබුණා.

“අග්‍රාමාත්‍ය ක්‍රිස්ටසන් සහ ස්වීඩනය අපගේ 32 වැනි නේටෝ සගයා ලෙස පිළිගැනීමට මම බලාපොරොත්තු වෙමි ” යනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ස්වීඩනයට සිය සුබ පැතුම් එක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?