තුර්කියේ එකඟත්වයෙන් ස්වීඩනය නේටෝ සංවිධානයට

නේටෝ සංවිධානයට සම්බන්ධ වීමේ ස්වීඩනයේ උත්සාහයට සහාය දැක්වීමට තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් එකඟ වී තිබෙනවා.

ඒ අනුව ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, ස්වීඩන් අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් මේ සම්බන්ධයන් අදහස් දක්වමින් පැවසුවේ “මම ඉතා සතුටු වෙනවා, එය ස්වීඩනයට හොඳ දවසක්” යනුවෙන්.

ත්‍රස්තවාදීන් ලෙස සැලකෙන අන්කාරා කුර්දි ක්‍රියාකාරීන්ට රැකවරණය ලබා දෙන බවට චෝදනා කරමින් තුර්කිය නේටෝ සංවිධානයට සම්බන්ධ වීමේ ස්වීඩනයේ ඉල්ලුම්පත්‍රය රඳවා ගැනීමට මීට පෙර කටයුතු කර තිබුණා.

“අග්‍රාමාත්‍ය ක්‍රිස්ටසන් සහ ස්වීඩනය අපගේ 32 වැනි නේටෝ සගයා ලෙස පිළිගැනීමට මම බලාපොරොත්තු වෙමි ” යනුවෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ස්වීඩනයට සිය සුබ පැතුම් එක්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46