ශ්‍රී ලංකාවට තුන්වන ණය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් එළඹෙන 12 වැනිදා රැස්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.
ඔහු නිකුත් කළ එක්ස් පණිවුඩයක දැක්වෙන්නේ එදිනට ශ්‍රී ලංකා ණය වාරිකය අනුමැතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කර ඇති බවයි.
තුන්වන ණය වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට නියමිත ණය මුදල ඩොලර් මිලියන 330ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1





