තුන්වන චාල්ස් රජුගේ රුව සහිත පළමු කාසිය නිර්මාණය වේ (ඡායාරූප)

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ ආලේඛ්‍ය චිත්‍රය සහිත පළමු කාසිය බ්‍රිතාන්‍ය සම්ප්‍රදායික කාසි නිපදවන්නා (රෝයල් මින්ට්) විසින් නිර්මාණය කර තිබෙනවා.

පවුම් 5ක විශේෂ කාසියක් සහ පැන්ස 50ක කාසියක් චාල්ස් රජුගේ රුව සහිත ව නිකුත් කිරීමටයි ඒ අනුව සැළසුම් කර ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායට අනුව අලුතින් පත්වන රජුගේ හෝ රැජිණියගේ රුව කාසියක සටහන් වන්නේ මීට පෙර රාජ්‍යත්වය දැරූ රජු හෝ රැජිණගේ රුව දැක් වූ දිශාවට ප්‍රතිවිරුද්ධව වීම විශේෂත්වයක්.

ඒ අනුව චාල්ස් රජුගේ ආලේඛ්‍ය චිත්‍රය සහිතව නිකුත්කරනු ලබන නව කාසිවල චාල්ස් රජු ඔටුන්න රහිතව වම්පස බලා සිටින අයුරු දැක්වෙනවා.

කාසිය වටා “තුන්වන චාල්ස් රජු දෙවියන්ගේ සාඩම්බරයා සහ විශ්වාසයේ ආරක්ෂකයා” ලෙස ලතින් පාඨයක් ද මුද්‍රණය කර තිබෙනවා.

මේ අතර ඉදිරි මාසවලදී චාල්ස් රජුගේ රූපය සහිත කාසි බ්‍රිතාන්‍යයේ සංසරණයේ වීමට පටන් ගන්නා බව රාජකීය මින්ට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ij6qqmb8 king
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?