AFC Banner
Empty Ad
Empty Ad

තුන්වන එක්දින තරගයේ දී කණ්ඩායමේ වෙනසක් – මෙන්ඩිස්ගෙන් කලින්ම ඉගියක්

ඇෆ්ගනිස්තාන සමග අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තමන් බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

දෙවන එක්දින තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධාන අවස්ථාවට එක්වෙමින් කුසල් මේ බව සදහන් කළා.

ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙක් තුන්වන තරගයේ දී කණ්ඩායමට එක්කර ගැනීමට සැලසුම් කරන බවයි.

ඇෆ්ගනිස්තාන සමග අද පල්ලෙකැලේ දී පැවති දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 155කින් ජයග්‍රහණය කළා.

නොදැවී ලකුණු 97ක් රැස්කළ චරිත් අසලංක මෙම තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?