තුන්වන එක්දින තරගයට යළිත් වැස්සෙන් බාධා

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

තරගය යළිත් නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබා සිටියා. එම කඩුලු 3 දවා ගත්තේ වනිඳු හසරංග විසින්.

ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය පන්දුවාර 7යි පන්දු 4ක්ව තිබියදීත් වර්ෂාව හේතුවෙන් නතර කෙරුණා.

පැය දෙකකටත් වැඩි කාලයකින් යළි තරගය ආරම්භ කරනු ලැබුවේ එක් කණ්ඩායමකට පන්දුවාර 43බැගින් ලබාදී තරගය පවත්වගෙන යාමේ තීරණය මතයි.

එහෙත් යළිත් වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරුණු අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුණා.

දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්. එබැවින් මෙම තුන්වන එක්දින තරගය තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57