පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (22) පැවැත්වීමට නියමිතයි.
රාවල්පින්ඩි හිදී පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ, අනුව භානුක රාජපක්ෂ වෙනුවට පවන් රත්නායක අද තරගයට කැඳවීමට වැඩි අවස්ථාවක් පවතින අතර, දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත හෝ විජයකාන්ත් වියස්කාන්ත් කණ්ඩායමට එක් කිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා.
තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වූ අතර, පාකිස්ථානය සහභාගී වූ පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ජයගත්තා.
අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.





