තීරුබදු රහිතව අධි බලැති යතුරුපැදි ආනයනය කිරීමේ ජාවාරමක් හෙළිවෙයි

තීරුබදු රහිතව රහසිගතව අධිබලැති යතුරුපැදි ආනයනය කර අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු ගල්කිස්ස කොට්ඨාස අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ආනයනය කරන ලද රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් අධිබල යතුරුපැදි පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ ගරාජයක් පිටු පස කාමරයක සඟවා තිබියදී සොයා ගත් බවයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කර ඇත්තේ.

එහි තිබී ආනයනය කරන ලද යතුරුපැදි එන්ජින් සහ චැසි ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයකු මෙරට ලියාපදිංචි කිරීමට තහනම් අධිබලැති යතුරුපැදි නීති විරෝධී ලෙස රහසිගතව අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුවයි එම වැටලීම සිදු කර ඇත්තේ.

එහි තිබී ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත එන්ජින් ධාරිතාව 1000 BMW වර්ගයේ අධි බලති යතුරුපැදියක් ඇතුළු අධි බලැති යතුරුපැදි 4ක්, අධි බලැති යතුරුපැදි එන්ජින් 4ක් සහ අධි බලැති යතුරුපැදි චැසි හතරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගරාජය පවත්වාගෙන යන පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ විදේශගතව සිටින මිතුරකු මාර්ගයෙන් මේවා ගෙන් වූ බවයි.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම යතුරු පැදි, එන්ජින් සහ චැසි සම්බන්ධයෙන් රේගුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමටනියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
18
+1
27
+1
5
+1
59
+1
6
+1
42
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?