තීරුබදු රහිතව අධි බලැති යතුරුපැදි ආනයනය කිරීමේ ජාවාරමක් හෙළිවෙයි

තීරුබදු රහිතව රහසිගතව අධිබලැති යතුරුපැදි ආනයනය කර අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු ගල්කිස්ස කොට්ඨාස අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ආනයනය කරන ලද රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් අධිබල යතුරුපැදි පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේ ගරාජයක් පිටු පස කාමරයක සඟවා තිබියදී සොයා ගත් බවයි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කර ඇත්තේ.

එහි තිබී ආනයනය කරන ලද යතුරුපැදි එන්ජින් සහ චැසි ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයකු මෙරට ලියාපදිංචි කිරීමට තහනම් අධිබලැති යතුරුපැදි නීති විරෝධී ලෙස රහසිගතව අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුවයි එම වැටලීම සිදු කර ඇත්තේ.

එහි තිබී ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත එන්ජින් ධාරිතාව 1000 BMW වර්ගයේ අධි බලති යතුරුපැදියක් ඇතුළු අධි බලැති යතුරුපැදි 4ක්, අධි බලැති යතුරුපැදි එන්ජින් 4ක් සහ අධි බලැති යතුරුපැදි චැසි හතරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගරාජය පවත්වාගෙන යන පුද්ගලයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ විදේශගතව සිටින මිතුරකු මාර්ගයෙන් මේවා ගෙන් වූ බවයි.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම යතුරු පැදි, එන්ජින් සහ චැසි සම්බන්ධයෙන් රේගුව සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමටනියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
18
+1
27
+1
5
+1
59
+1
6
+1
42
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34