තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ ස්ථාපිත ගාල්ල සේනාංක බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) දින ගාල්ල පොලිස් වසමේ අධිවේගී බස් නැවතුම්පල අසලදියි වැටලීම සිදු කෙරුණේ.
එහි දී ජාවාරම් කිරීම සඳහා තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද Manchester වර්ගයේ විදේශීය දුම්වැටි 1,000 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනුණා.
සැකකරු මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1