සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (11) පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්ථානයට හැකියාව ලැබුණු අතර, පෙරේදා (09) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණේ එකඳු පන්දුවාරයක් හෝ ක්‍රියාත්මක නොකරමින්.
ඒ, අනුව අද තරගය දෙපිළටම වැදගත් තරගයක් වනවා.
අද පැවැත්වෙන අවසන් තරගයේ පාකිස්ථාන ජයගත හොත් තරගාවලියේ ශූරතාව ඔවුන්ට හිමිවන අතර, තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට වැදගත්.
මේ අතර වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ දෙවන තරගය නැරඹීමට නොහැකි වූ ප්‍රේක්ෂකයින්ට එම තරගය නැරඹීම වෙනුවෙන් මිලදී ගත් ප්‍රවේශ පත්‍රයෙන් අද (11) තරගය නැරඹීමට අවස්ථාව ලබාදෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අද තරගය පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතයි.














