තීරණාත්මක තරගයේ කාසියේ වාසිය පකිස්ථානයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

තරගය පස්වරු 5.15ට ආරම්භ කිරීමටයි තීරණය වූයේ.

පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිවූයේ නැහැ.

අනතුරුව තරග තීරකයන් තීරණය කෙරුණේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 5ට සිදු කිරීමටයි.

එමෙන්ම එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී තරගය පැවැත්වීමට ද තීරණය කෙරුණා.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම පාකිස්ථාන කණ්ඩායමේ ද වෙනස්කම් දෙක බැගින් සිදුවී තිබෙනවා.

පාකිස්ථානයේ ඉමාම් උල් හක් වෙනුවෙන් ෆකාර් සමාන් සහ උණ රෝගය වැළඳී සිටින සාවුද් ශකීල් වෙනුවෙන් අබ්දුල්ලා ශෆික් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද කුසල් පෙරේරා සහ ප්‍රමෝද් මදුෂාන් කැඳවා ඇති බවයි නායක දසුන් ශානක කියාසිටියේ.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා ඉන්දියාව සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පැවැත්වීමට හැකියාවක් නොලැබුණ හොත් ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

සුපිරි 4 වටයේ ඉදිරියෙන් සිටින ඉන්දියාව තරග 2ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටිනවා. පාකිස්ථානය හා ශ්‍රී ලංකාව තරගය බැගින් ජයගෙන ලකුණු 2 බැගින් ලබා සිටිනවා.

දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව පාකිස්ථානයට වඩා ඉහළින් සිටිනවා.

ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් පාකිස්තාන පිලට එරෙහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුයි. පස්වරු 3ට ආරම්භ වන මෙම තරගය අවසන් පූර්ව තරගයක් ලෙසිනුයි විචාරකයන් සඳහන් කරන්නේ.

සුපිරි කණ්ඩායම් 4 දෙනාගේ තරග වටය යටතේ ඉන්දීය කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 2 න් 2 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා. එම තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන තිබුණ ද ලකුණු ලබා ගැනිමේ ශූද්ධ දළ වේගය පාකිස්තානයට වඩා ඉහළ මට්ටමක පැවැතීම නිසා ශ්‍රී ලංකාවට පත්වී ඇත්තේ එහි දෙවැනි ස්ථානයටයි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ඉදිරියට යන කණ්ඩායම ශුද්ධ ලකුණු වේගය මත තීරණය වනු ඇති. එසේ වුවහොත් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවට එරෙහි තරගය ඉතිරිව තිබුණත් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ මේ දක්වා එකම තරගයක් හෝ ජය ගැනීමට නොහැකිවීම හේතුවෙන් 15 වැනිදා පැවැත්වීමට නියමිත තරගයේ ජය වාර්තා කළ ද ඔවුන්ට අවසන් මහ තරගයට පැමිණීමේ හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායම් මූලික තරග වටය යටතේ ප්‍රතිවිරුද්ධ කාණ්ඩ දෙක යටතේ තරග වැදීම නිසා මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ මුණ ගැසෙන්නේ පළමු වතාවටයි. දෙරට අතර එක්දින තරග ඉතිහාසය තරග 155 කට ලඝු වුවත් මෙලෙස එක්දින තරගයකදී මුණ ගැසෙන්නේ වසර 4 කට ආසන්න කාලයකින් පසුව වීම කැපී පෙනෙන සිදුවීමක්.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේදී වන අතර තරග 3 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටිනවා.

ඉන්දියාව හමුවේ ලද ලකුණු 41ක පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ තරග ජයග්‍රහණ වැළ තරග 13 කින් නිමාවට පත් වුණා. කෙසේ වෙතත් අඛණ්ඩව ප්‍රතිවාදීන්ගේ කඩුලු සියල්ලම අවස්ථා 14 කදී දවා ලමින් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබෙන ලෝක වාර්තාව අද තරගයේදී තවදුරටත් ඉහළට රැගෙන යෑමේ අවස්ථාව ද ඉතිරිව තිබෙනවා. අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 10ම දවා ගැනීමට සමත් වුවහොත් පිට පිටම තරග 15 කදී එම දක්ෂතාව දැක්වා ඇති කණ්ඩායම ලෙසින් ලෝක වාර්තාව අලුත් වනු ඇති.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට හරවා ගැනීමට නම් පිතිකරුවන් වගකීම් කරට ගනිමින් පන්දුවට පහර දීම වඩා වැදගත් වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ඉන්දියාව වැනි ලොව ප්‍රබලම පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ලකුණු 213 කට සීමා කිරීමට සමත්වීම යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ හැකියාව ඉතා ඉහළ තලයක පවතින බවයි. එහෙත් කණගාටුවට ඇති කරුණ වන්නේ එක්දින තරගයකදී පහසුම ඉලක්කයක් ලෙසින් සැලකෙන ලකුණු 214 ක ඉලක්කය සපුරා ගැනීමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට නොහැකිවීමයි. ඒ් අතර දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වාගේ පිතිකරණ දක්ෂතා අගය කළ යුතුයි.

‌දුනිත් වෙල්ලාලගේගේ දක්ෂතාවයන් සම්බන්ධව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා. ලොව ප්‍රබලතම පිතිකරුවා ලෙසින් සැලකෙන විරාත් කෝලිගේ කඩුල්ල ද සමඟ ඉන්දීය ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනෙකු දවා ලීමට සමත්වූ වෙල්ලාලගේ පිතිකරුවක් ලෙසින් ද තරගයේ අවසන් මොහොත තෙක්ම තනිවම සටනක් කිරීම කැපී පෙනුණා.

ඉන්දියාව සමග පැවති තරගයේදී කඩුලු 5 ක් බිඳ හෙළීමට වෙල්ලාලගේ සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5ක් දවා ගත් ළාබාලතම පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එකතුවීම ද විශේෂත්වයක්. දුනිත් වෙල්ලාලගේ මෙම දක්ෂතාවය දක්වන විට ඔහුගේ වයස අවුරුදු 20 යි දවස් 246ක්. වමතින් දඟ පන්දු යවන වෙල්ලාලගේට පෙර එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ වේග පන්දු යවන්නකු වන චරිත බුද්ධික වන අතර ඔහු 2001 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එම දක්ෂතාවය දක්වන විට ඔහුගේ වයස අවුරුදු 21යි දින 65ක් ලෙසින් සටහන්ව තිබුණා.

Pakistan: 1 Fakhar Zaman, 2 Abdullah Shafique, 3 Babar Azam (capt), 4 Mohammad Rizwan (wk), 5 Mohammad Haris, 6 Iftikhar Ahmed, 7 Shadab Khan, 8 Mohammad Nawaz, 9 Mohammad Wasim, 10 Shaheen Shah Afridi, 11 Zaman Khan.

Sri Lanka 1 Pathum Nissanka, 2 Kusal Perera, 3 Kusal Mendis (wk), 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka, 6 Dhananjaya de Silva, 7 Dasun Shanaka (capt), 8 Dunith Wellalage, 9 Maheesh Theekshana, 10 Pramod Madushan, 11 Matheesha Pathirana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?