තීරණාත්මක අවසන් එක්දින තරගය අද – තණතීරුව ගැන කණ්ඩම්බිගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර තීරණාත්මක තුන්වන එක්දින තරගය අද (08) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙපිළම එක තරගය බැගින් ජයගෙන සිටීම හේතුවෙන් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනිම සඳහා කණ්ඩායම් දෙකම අද තරගය සඳහා සිය උපරිමය ලබාදෙනු ඇති බවයි විචාරකයින් සඳහන් කළේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ටට ආරම්භ වීමට නියමතයි.

මේ අතර ඊයේ (07) පල්ලේකැලේ දී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි සඳහන් කළේ දෙවන තරගය සඳහා ක්‍රීඩා කළ පිතිකරණ ලැයිස්තුවම අද තරගය සඳහාත් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවයි.

එමෙන්ම අද තරගය සඳහා හිමිවන තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වනු ඇති බවයි තිළිණ කණ්ඩම්බි මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව පිතිකරුවන්ගේ පවතින අඩුපාඩු සකසාගෙන අද තරගය සඳහා අවතීරණවන බවයි ඔහු පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
5
+1
3
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?