AFC Banner
Empty Ad
Empty Ad

තිහාරියේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ පුද්ගල ඝාතනයක්

නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ දී වෛද්‍ය මධ්‍යස්ථානය රැඳී සිටි පුද්ගලයෙක් ලේ ගලන තුවාල සහිතව එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මියගොස් සිටිය දී ඊයේ (27) සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිට්ටඹුව, පින්නගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ රැකියාව සිදුකර ඇති අතර, ඔහු රාත්‍රී කාලයේ එම ස්ථානයේ රැඳී සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ දේපළ සොරකම් කිරීමට පැමිණි පිරිසක් එහි තිබූ සී.සී.ටී.වී කැමරාවල දත්ත පද්ධතිය සහ රුපියල් 7000ක මුදලක් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සැකපළ කරන්නේ එලෙස පැමිණි සොරුන් විසින් මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇති බවටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?