AFC Banner
AFC Banner
Empty Ad

තිරිඟු පිටි මිල යළිත් ඉහළට – මිල ගණන් ප්‍රකාශය අද

පසුගිය 01 වනදා සිට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දත් සමඟ තිරිඟු පිටි මිල ගණන් ද ඉහළ දැමීමට සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා.

අදාළ මිල වැඩි කිරීම් පිළිබඳ අද (03) දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් සඳහන් කළේ.

මේ අතර තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් හා ආනයනකරුවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා ඇති බව සඳහන්.

තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම සමාගම්වලට මෙම සතිය තුළ එම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී සමාගම්වලින් පිටි මිල සැකසෙන ආකාරය පිළිබඳ තොරතුරු ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?