AFC Banner
AFC Banner
Empty Ad

තිරිඟු පිටි මිලත් ලබන සතියේ සිට අඩුවෙයි

ලබන සතියේදී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරනවා.

වෙළෙඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) පාර්ලිමේන්තුවේ දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඒ අනුව සති දෙකක කාලයක් තුළ තිරිඟු පිටි මිල රුපියල් 250 දක්වා සීමාවට පහත හෙළිමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිටත් තිරිඟු පිටි කන්ටේනර් 100ක පමණ ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරාය වෙත ගොඩබෑම ආරම්භ කර ඇති බවත්, මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිඟු පිටි මෙරටට ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?