AFC Banner
Empty Ad
Empty Ad

තිදෙනෙකුට මරු කැඳවූ මාන්කුලම් ඛේදවාචකය

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (26) අලුයම මෙම අනතුර සිදු ව ඇත්තේ; මාන්කුලම, පනික්කන්කුලම ප්‍රදේශයේ දී බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් අදාළ බස් රථය නවතා බස් රථයේ කාර්මික දෝෂය නැවත සකස් කරමින් සිටියදී, යාපනය දෙස සිට පැමිණි ලොරි රථයක් නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි මාන්කුලම පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් බස් රථ රියදුරු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

මියගිය තිදෙනාගේ මෘත දේහ මාන්කුලම හා කිලිනොච්චිය යන රෝහල්වල තැන්පත් ක‍ර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර; රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම මෙම අනතුරට හේතුව බවත් මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?