තිදෙනෙකුට මරු කැඳවූ මාන්කුලම් ඛේදවාචකය

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අද (26) අලුයම මෙම අනතුර සිදු ව ඇත්තේ; මාන්කුලම, පනික්කන්කුලම ප්‍රදේශයේ දී බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ අධිසුඛෝපභෝගී බස් රථයක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් අදාළ බස් රථය නවතා බස් රථයේ කාර්මික දෝෂය නැවත සකස් කරමින් සිටියදී, යාපනය දෙස සිට පැමිණි ලොරි රථයක් නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි මාන්කුලම පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් බස් රථ රියදුරු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

මියගිය තිදෙනාගේ මෘත දේහ මාන්කුලම හා කිලිනොච්චිය යන රෝහල්වල තැන්පත් ක‍ර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර; රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම මෙම අනතුරට හේතුව බවත් මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13