AFC Banner
AFC Banner
Empty Ad

තිදරු මව මුහුණේ කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මිය ගිහින්

මොරගල්ල, කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවක් කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ ශිරානි ලක්ෂිකා කුමාරි නැමැති තිදරු මවක් බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාව මුහුණේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිටිය දී බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි අනවරණය වී ඇත්තේ.

කාන්තාව මෙම සිද්ධියට මුහුණදෙන විට එම නිවසේ ඇයගේ ස්වාමියාපුරුෂයා, පුතෙක් සහ දියණියක් සිට ඇති බවට වාර්තා වනවා.

ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටිය දී රෝහල් ගත කළ බවයි.

මේ වන විටත් එම කාන්තාවගේ ස්වාමියාගෙන් සහ දරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව සඳහන්.

මෙය නිවසේ සිටි පුද්ගලයෙකු විසින් සිදුකළ ඝාතනයක් ද නැතහොත් බාහිරින් පැමිණි පුද්ගලයකු සිදුකළ අපරාධයක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?